AFC Banner
AFC Banner
Empty Ad

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට LIOC දුන් පිළිතුර

විදුලිය අර්බුධය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා LIOC සමාගමෙන් සිදුකළ ඉල්ලීම එම සමාගම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. එම සමාගම සතුව මේවන විට අවශ්‍ය තරම් ඉන්ධන නොමැතිවීම එයට හේතුව බවට LIOC සමාගම විසින් දැනුම් දුන් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර තමන්ද ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේදී ඩොලර් නොමැති කමින් ගැටළු සහගත තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව LIOC සමාගම පවසනවා. මේ හේතුවෙන් සිය ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග ලබාදීම සිය ප්‍රමුඛ කාර්ය වී ඇති බවයි එම සමාගම පවසන්නේ.

දැනට පවතින ඉන්ධන සංචිත අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක විදුලි බලයක් එක් කරනු ලබන කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක විය හැක්කේ අද පස්වරු 5.00 දක්වා පමණක් බවත් මෙගාවොට් 150 ක විදුලිය නිපදවන සපුගස්කන්ද බලාගාරයට අද මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් ක්‍රියාත්මක විය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කර සිටියේ.

පෙර පුවත –විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?