විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට LIOC දුන් පිළිතුර

විදුලිය අර්බුධය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා LIOC සමාගමෙන් සිදුකළ ඉල්ලීම එම සමාගම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. එම සමාගම සතුව මේවන විට අවශ්‍ය තරම් ඉන්ධන නොමැතිවීම එයට හේතුව බවට LIOC සමාගම විසින් දැනුම් දුන් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර තමන්ද ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේදී ඩොලර් නොමැති කමින් ගැටළු සහගත තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව LIOC සමාගම පවසනවා. මේ හේතුවෙන් සිය ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග ලබාදීම සිය ප්‍රමුඛ කාර්ය වී ඇති බවයි එම සමාගම පවසන්නේ.

දැනට පවතින ඉන්ධන සංචිත අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක විදුලි බලයක් එක් කරනු ලබන කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක විය හැක්කේ අද පස්වරු 5.00 දක්වා පමණක් බවත් මෙගාවොට් 150 ක විදුලිය නිපදවන සපුගස්කන්ද බලාගාරයට අද මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් ක්‍රියාත්මක විය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කර සිටියේ.

පෙර පුවත –විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27