ළමයින් ගැන ඇසෙන දුක්බර පුවත

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්  ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක්  දක්වා ඉහළ නැග ඇතැයි එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

එම රෝහලේ  පසුගිය මස මුල ප්‍රතිකාර ලැබූවේ  දරුවන් සිවු දෙනකු පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔමික්‍රෝන්  සමාජයේ පැතිරීම ආරම්භ වීමත් සමඟ  ආසාදිතයන්ගේ  මෙම වැඩිවීම  සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙන බව  පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දරුවන්ට ආසාදනයවී ඇත්තේ  ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය  දැයි අනාවරණය කර ගැනීමට  ඒ දරුවන්ගේ ජෛව පටල සාම්පල  ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා  යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද  ප්‍රකාශ කළේ‍ය.

මේ අවස්ථාවේදී වයස 12 ට වැඩි සියලුම දරුවන්ට එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීම වැදගත් බවද  දීපාල් පෙරේරා මහතා කීවේය.

මේ අතර ජනතාවට සෞඛ්‍ය නීති  මේ වනවිට බොහෝ දුරට  අමතකව ගොස් ඇති බවත් විශේෂයෙන්ම   මංගල උත්සවවලදී මූව  ආවරණ නොමැතිව  කටයුතු කිරීම් මේ දිනවල    සුලභව නිරීක්ෂණය වන  බවත්  ඔහු පැවසුවේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ්  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතත් ඩෙංගු රෝගී දරුවන්ගේ සංඛ්‍යාව 50 සිට 35 දක්වා අඩුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?