ළමයින් ගැන ඇසෙන දුක්බර පුවත

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්  ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක්  දක්වා ඉහළ නැග ඇතැයි එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

එම රෝහලේ  පසුගිය මස මුල ප්‍රතිකාර ලැබූවේ  දරුවන් සිවු දෙනකු පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔමික්‍රෝන්  සමාජයේ පැතිරීම ආරම්භ වීමත් සමඟ  ආසාදිතයන්ගේ  මෙම වැඩිවීම  සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙන බව  පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දරුවන්ට ආසාදනයවී ඇත්තේ  ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය  දැයි අනාවරණය කර ගැනීමට  ඒ දරුවන්ගේ ජෛව පටල සාම්පල  ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා  යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද  ප්‍රකාශ කළේ‍ය.

මේ අවස්ථාවේදී වයස 12 ට වැඩි සියලුම දරුවන්ට එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීම වැදගත් බවද  දීපාල් පෙරේරා මහතා කීවේය.

මේ අතර ජනතාවට සෞඛ්‍ය නීති  මේ වනවිට බොහෝ දුරට  අමතකව ගොස් ඇති බවත් විශේෂයෙන්ම   මංගල උත්සවවලදී මූව  ආවරණ නොමැතිව  කටයුතු කිරීම් මේ දිනවල    සුලභව නිරීක්ෂණය වන  බවත්  ඔහු පැවසුවේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ්  ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතත් ඩෙංගු රෝගී දරුවන්ගේ සංඛ්‍යාව 50 සිට 35 දක්වා අඩුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27