logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පෘථිවියට ආසන්නයෙන් ඇදී යන විශාල ග්‍රාහකය

1994 PC 1 නමැති විශාල ග්‍රහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. ඒ අනුව, කිලෝමීටර් 1.1ක පළලින් යුතු එම ග්‍රහකය පෘථිවියට සැතපුම් මිලියන 1.2ක් දුරකින් පැයට සැතපුම් 43,754.47ක වේගයකින් හෙට දින ගමන් කරනු ඇත.

එහි ගමන් මාර්ගය සැලකීමේදී පෘථිවියට සමීපව ගමන් කළ ද ඉන් පෘථිවියට බලපෑමක් ඇති නොකරනු ඇති බවයි තාරකා විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ.

පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් හත් ගුණයක දුරකින් එය ගමන් කරන බව ද ඔවුහු පවසන්නේ.

තියුණු ඇසක් සහ හොඳ දුරේක්ෂයක් තිබේ නම්, පෘථිවියේ සිට මෙම ග්‍රහකය නැරඹීමට හැකි වනු ඇති අතර ඉන්ටර්නෙට් ඔස්සේ ද එය නැරඹීමට අවස්ථාව නාසා ආයතනය මගින් සලසා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?