දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකිණීමේ ජාවාරමක්

අලුත උපන් දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

ජාවාරම හරහා ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

ජාවාරම මෙහෙයවූ පුද්ගලයා 47හැවිරිදි අයෙකු වන අතර ඊයේ (21) රාත්‍රියේ සැකකරු මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

සැකකරු අන්තර්ජාලය හරහා දැන්වීමක් ලෙස සකස්කරන ලද වීඩියෝවක් මගින් ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් ඇත.

අතවරයන්ට පත්වූ කාන්තාවන් ගෙන්වා ගනිමින් ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇති බව මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බවද මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව සොයාගත් බවද වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

එසේම මේ වන විට ඉන් දරුවන් 05 දෙනෙකු මේ වන විට තෙවන පාර්ශවයකට ලබාදී ඇති අතර තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්,  ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පැවසෙනවා.

මෙවැනි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ මේ වන විට විකුණා ඇතැයි අනාවරණය කර ගෙන ඇත. සකකරු අද (22) මොරටුව අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?