දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකිණීමේ ජාවාරමක්

අලුත උපන් දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

ජාවාරම හරහා ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

ජාවාරම මෙහෙයවූ පුද්ගලයා 47හැවිරිදි අයෙකු වන අතර ඊයේ (21) රාත්‍රියේ සැකකරු මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

සැකකරු අන්තර්ජාලය හරහා දැන්වීමක් ලෙස සකස්කරන ලද වීඩියෝවක් මගින් ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් ඇත.

අතවරයන්ට පත්වූ කාන්තාවන් ගෙන්වා ගනිමින් ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇති බව මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බවද මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව සොයාගත් බවද වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

එසේම මේ වන විට ඉන් දරුවන් 05 දෙනෙකු මේ වන විට තෙවන පාර්ශවයකට ලබාදී ඇති අතර තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්,  ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බවත් පැවසෙනවා.

මෙවැනි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ මේ වන විට විකුණා ඇතැයි අනාවරණය කර ගෙන ඇත. සකකරු අද (22) මොරටුව අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24