අධිනීතිඥ නිශාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අපහාස කළ සාක්ෂිකාරියක ලෙස නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න නම් කරන්නැයි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු එම කොමිසමෙන් ඉල්ලීමක් කළේය. ඊයේ (17 වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කැඳවා තිබූ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා අදාළ ඉල්ලීම කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වර්ෂයේ දී යොමුකළ ගොනුවකට අදාළව එම ගොනුවේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීස් වෙනුවෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කොමිසම හමුවට කැඳවා තිබිණි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේ දී ප්‍රශ්න මගහරිමින් කටයුතු කරන බව චෝදනා කරමින් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අදාළ ඉල්ලීම කළේය. එසේම ප්‍රශ්නය මගහැරීම සහ ප්‍රතිප්‍රශ්න නැගීම සම්බන්ධයෙන් අධිනීතිඥවරියට කොමිසම විසින්ද ඊයේ දැඩි ලෙස අවවාද කරන ලදී.

මේ අතර මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ක්‍රියාවලිය අතරතුර අධිනීතිඥ නිශාරා ජයරත්න විසින් නීති වෘත්තීය ආචාරධර්ම කඩ කරමින් කටයුතු කළ බව පවසමින් මහර සිදුවීමේ දී අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලේ දැක්වෙන්නේ 2020-12-16 වැනිදා නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එන්ජීඕ කාරයන් ලෙස සඳහන් කරමින් අධිනීතිඥවරිය වෘත්තීය ගෞරවයට හානිවන අයුරින් කටයුතු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?