සියලු රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම් දීමක් මෙන්න

සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්,වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ.රම්‍ය කාන්ති මහත්මිය දැනුම් දී ඇත.

සෑම රාජ්‍ය ආයතනයකින්ම මෙම තොරතුරු ලබන අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබ ගැනිමට අපේක්ෂා කෙරේ.

බොහෝමයක් රාජ්‍ය ආයතන සතු වාහනවලට අමතරව වාහන විශාල ප්‍රමාණයක් කුලියට ලබාගෙන පාවිච්චි කරනු ලබන බවද අනාවරණය වේ.

රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් බොහොමයක් අනවසර පදිංචිකරුවන් සිටින බව ද අනාවරණය වී ඇත.

මේ සියලු තොරතුරු හා ඒවාට යන වියදම පිළිබඳව දැනුම් දෙන ලෙසට නියම කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?