භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව සිදුවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොළ මහතා මේ බව තහවුරු කළේය.

අද (14) පස්වරුවේ ජාවා දූපත් ආශ්‍රිත මුහුදේ සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රභලත්වයක් සටහන් කර තිබුණි.

එම භූ කම්පනය එරට ජකර්ථා අගනුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?