ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින්ගේ ඡායාරූපයක් ලීක් වෙයි

ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින් ෆෙර්නෑන්ඩර්ස්ට පසුගිය දවස් කිහිපයේ ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම සුකේෂ් චන්ද්‍රසේකර් කියන මූල්‍ය අපරාධකරුවා සමඟ සම්බන්ධතා පවත්වපු නිසාම බලධාරින්ට උත්තර බඳින්නත් ජැකලින්ට කිහිප වතාවක්ම සිදුවුණා.

මේ නිසාම ජැකලින් එක රැයින් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වුණා. කෙසේ වෙතත් ජැකලින්, සුකේෂ් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බවයි දැන් දැන් තොරතුරු වාර්තා වන්නේ. එයට සාක්ෂි විදිහටත් වරින් වර ඡායාරූප බොහෝමයක් කරළියට පැමිණියා.

මෑතක තවත් එක්තරා ඡායාරූපයක් මේ විදිහට අන්තර්ජාලයට එකතු වනවා. මෙම සෙල්ෆි ඡායාරූපයෙන් ජැකලින් සහ සුකේෂ් අතිශය සමීපව සිටින අතර සුකේෂ්, ජැකලින්ව සිපගන්න උත්සාහ කරන අයුරු එහි දැක්වෙනවා.

එවන් මොහොතක, ජැකලින් කාරුණික ඉල්ලීමක් කරමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්.

“මේ රට සහ එහි ජනතාව මට සෑම විටම ඉමහත් ආදරයක් සහ ගෞරවයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ක්ෂෙත්‍රයේ මගේ මිතුරනුත්. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා. මම මේ වන විට හොඳ කාලයක් නෙවෙයි පසු කරමින් ඉන්නේ. නමුත් මට විශ්වාසයි. ඔබලා මාව තේරුම් ගනිවී..”

“මගේ පෞද්ගලිකත්වයට හානි වෙන කිසිදු ඡායාරූපයක් බෙදා නොහරින ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ විශ්වාසය නිසාමයි. ඔබ ඔබේ ආදරණීයයන්ට ඒ විදිහේ දෙයක් කරන් නැති බව මම දන්නවා. යුක්තිය ඉටු වන තෙක් මම බලාගෙන ඉන්නවා.. ස්තුතියි!!!”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?