ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින්ගේ ඡායාරූපයක් ලීක් වෙයි

ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැකලින් ෆෙර්නෑන්ඩර්ස්ට පසුගිය දවස් කිහිපයේ ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම සුකේෂ් චන්ද්‍රසේකර් කියන මූල්‍ය අපරාධකරුවා සමඟ සම්බන්ධතා පවත්වපු නිසාම බලධාරින්ට උත්තර බඳින්නත් ජැකලින්ට කිහිප වතාවක්ම සිදුවුණා.

මේ නිසාම ජැකලින් එක රැයින් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වුණා. කෙසේ වෙතත් ජැකලින්, සුකේෂ් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බවයි දැන් දැන් තොරතුරු වාර්තා වන්නේ. එයට සාක්ෂි විදිහටත් වරින් වර ඡායාරූප බොහෝමයක් කරළියට පැමිණියා.

මෑතක තවත් එක්තරා ඡායාරූපයක් මේ විදිහට අන්තර්ජාලයට එකතු වනවා. මෙම සෙල්ෆි ඡායාරූපයෙන් ජැකලින් සහ සුකේෂ් අතිශය සමීපව සිටින අතර සුකේෂ්, ජැකලින්ව සිපගන්න උත්සාහ කරන අයුරු එහි දැක්වෙනවා.

එවන් මොහොතක, ජැකලින් කාරුණික ඉල්ලීමක් කරමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්.

“මේ රට සහ එහි ජනතාව මට සෑම විටම ඉමහත් ආදරයක් සහ ගෞරවයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ක්ෂෙත්‍රයේ මගේ මිතුරනුත්. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා. මම මේ වන විට හොඳ කාලයක් නෙවෙයි පසු කරමින් ඉන්නේ. නමුත් මට විශ්වාසයි. ඔබලා මාව තේරුම් ගනිවී..”

“මගේ පෞද්ගලිකත්වයට හානි වෙන කිසිදු ඡායාරූපයක් බෙදා නොහරින ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ විශ්වාසය නිසාමයි. ඔබ ඔබේ ආදරණීයයන්ට ඒ විදිහේ දෙයක් කරන් නැති බව මම දන්නවා. යුක්තිය ඉටු වන තෙක් මම බලාගෙන ඉන්නවා.. ස්තුතියි!!!”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16