දකුණු අප්‍රිකාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු අනතුරක්

දකුණු අප්‍රිකාවේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලිම්පොපෝ ප්‍රදේශයේ දී මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බවටය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් රැගත් කුඩා වර්ගයේ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් බස් රථය ගිනිගෙන පිපිරීමට ලක්ව ඇති අතර එහි සිටි මගීන් 16 දෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

https://streamable.com/ogwrbn
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?