කිතුනු දේවස්ථානයේ අත්බෝම්බ සිදුවීම ගැන 13 හැවිරිදි දරුවෙකු ගෙන් ප්‍රකාශයක්

බොරැල්ල දේවස්ථානයක තිබී සොයාගත් ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය කරුණු කිහිපයක් අනාවරණය කරගෙන තිබෙනවා.

ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවම් කූඩුව අසල අටවා තිබූ මෙම අත්බෝම්බය ඊයේ පස්වරු 4.40ට පමණ සොයාගෙන තිබුණා.

එය සෙලෝටේප්, ගිනිකූරු, හඳුන්කූරු යොදා යම් ගිනිඇවිලීමක් සිදුවූ අවස්ථාවක පුපුරායන ආකාරයෙන් අටවා තිබූ බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සැකපිට එම අවස්ථාවේදීම පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එක් සැකකරුවෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී 56 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචි එම දේවස්ථානය තුළ සේවය කරනු ලබන පුද්ගලයෙකු විසින් මෙම බෝම්බය එම ස්ථානයේ අටවා තිබෙන බවට අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා විසින් එම දේවස්ථානය ආසන්නයේ පදිංචි නිතර දේවස්ථානයට පැමිණෙන වයස අවුරුදු 13ක දරුවෙකු යොදාගෙන අත්බෝම්බය එම ස්ථානයේ තැබීම සිදුකර ඇත.

සැකකරු වසර 16කට ආසන්න කාලයක සිට මෙම දේවස්ථානය සමග සම්බන්ධතා පවත්වාගනිමින් දැනට මාස 9ක පමණ සිට ස්ථීරවම මෙම දේවස්ථානයේ රැඳීසිටිමින් දේවස්ථානයේ සේවය කර තිබේ.

ඔහු මෙම අත්බෝම්බය ඇටවීම සඳහා යොදාගත් සෙලෝටේප්, ගිනිකූරු වැනි ද්‍රව්‍යවල කොටස් ඔහු රැඳීසිටි කාමරය තුළ තිබී සොයාගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සමත්වී ඇත.

සැකකරු කුමණ අරමුණක් වෙනුවෙන් බෝම්බය එහි තැබුවා ද?, සැකකරුට අත්බෝම්බය ලැබුණු ආකාරය සහ සිද්ධියට ආධාර අනුබල දුන් පිරිස් පිළිබඳව තොරතුරු අනාවරණය කරගත යුතුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අධිකරණ නියෝග මත ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එය නිෂ්ක්‍රීය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

අදාළ අත්බෝම්බය එම ස්ථානයේ තැබීමට සහය ලබාගන්නා ලද වයස අවුරුදු 13ක දරුවා ව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අලුත්කඩේ මෙහස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?