කිතුනු දේවස්ථානයේ අත්බෝම්බ සිදුවීම ගැන 13 හැවිරිදි දරුවෙකු ගෙන් ප්‍රකාශයක්

බොරැල්ල දේවස්ථානයක තිබී සොයාගත් ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය කරුණු කිහිපයක් අනාවරණය කරගෙන තිබෙනවා.

ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවම් කූඩුව අසල අටවා තිබූ මෙම අත්බෝම්බය ඊයේ පස්වරු 4.40ට පමණ සොයාගෙන තිබුණා.

එය සෙලෝටේප්, ගිනිකූරු, හඳුන්කූරු යොදා යම් ගිනිඇවිලීමක් සිදුවූ අවස්ථාවක පුපුරායන ආකාරයෙන් අටවා තිබූ බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සැකපිට එම අවස්ථාවේදීම පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එක් සැකකරුවෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී 56 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචි එම දේවස්ථානය තුළ සේවය කරනු ලබන පුද්ගලයෙකු විසින් මෙම බෝම්බය එම ස්ථානයේ අටවා තිබෙන බවට අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා විසින් එම දේවස්ථානය ආසන්නයේ පදිංචි නිතර දේවස්ථානයට පැමිණෙන වයස අවුරුදු 13ක දරුවෙකු යොදාගෙන අත්බෝම්බය එම ස්ථානයේ තැබීම සිදුකර ඇත.

සැකකරු වසර 16කට ආසන්න කාලයක සිට මෙම දේවස්ථානය සමග සම්බන්ධතා පවත්වාගනිමින් දැනට මාස 9ක පමණ සිට ස්ථීරවම මෙම දේවස්ථානයේ රැඳීසිටිමින් දේවස්ථානයේ සේවය කර තිබේ.

ඔහු මෙම අත්බෝම්බය ඇටවීම සඳහා යොදාගත් සෙලෝටේප්, ගිනිකූරු වැනි ද්‍රව්‍යවල කොටස් ඔහු රැඳීසිටි කාමරය තුළ තිබී සොයාගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සමත්වී ඇත.

සැකකරු කුමණ අරමුණක් වෙනුවෙන් බෝම්බය එහි තැබුවා ද?, සැකකරුට අත්බෝම්බය ලැබුණු ආකාරය සහ සිද්ධියට ආධාර අනුබල දුන් පිරිස් පිළිබඳව තොරතුරු අනාවරණය කරගත යුතුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අධිකරණ නියෝග මත ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එය නිෂ්ක්‍රීය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

අදාළ අත්බෝම්බය එම ස්ථානයේ තැබීමට සහය ලබාගන්නා ලද වයස අවුරුදු 13ක දරුවා ව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අලුත්කඩේ මෙහස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47