මෙරට ඩොලර් ගිණුම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අපනයන ඉපැයීම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය

අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. විශේෂයෙන්ම, බලපත්‍රලාභී බැංකුවලට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීමෙන් පසු, එම සියලුම ප්‍රේෂණ මහ බැංකුවේ නීතිරීතිවලට අනුකුලව බලහත්කාරයෙන් පරිවර්තනය කරනු ලබන බවට පදනම් විරහිත මතයක් ව්‍යාප්ත වී ඇත. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම්, අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීතිවලට යටත් නොවේ. බලපත්‍රලාභී බැංකු සහ වෙනත් විධිමත් මාර්ග හරහා තම ඉපැයීම් යොමු කරන සංක්‍රමණික සේවකයන්ට ඕනෑම වාණිජ බැංකුවක එවැනි අරමුදල් විදේශ විනිමය වශයෙන් තබාගත හැකිය. ඒ අනුව විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි “විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ එසේ කිරීමට සුදුසුකම් ලබන, එම ඉපැයීම් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් හට 2022 වසරේ ජනවාරි 31 දක්වා එ.ජ. ඩොලරයකට රුපියල් 10.00ක අමතර දිරි දීමනාවක් ලැබෙනු ඇත.

“සේවා අපනයන” මගින් ලැබෙන ආදායම් යනු අනේවාසිකයෙකු හට සංචාරක, වෘත්තීය සේවා ආදී සේවා සැපයීමෙන් උපයනු ලබන ශ්‍රී ලාංකික නේවාසිකයෙකුගේ විදේශ විනිමය ඉපැයීම් වේ. අවසරලත් අඩු කිරීම් සඳහා ගැළපීමෙන් පසු ඉතිරි අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීති රීතිවලට මෙම සේවා අපනයන යටත් වනු ඇත. මෙම පසුබිම තුළ, අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් වන නව නීති අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ “භාණ්ඩ හා සේවා අපනයනකරුවන්” සඳහා පමණක් බව එයින් පැහැදිලි වනු ඇති අතර නව නියමයන්හි දක්වා ඇති අවසරලත් ගෙවීම් අඩු කිරීමෙන් පසු එවැනි අපනයන ආදායම්වලින් ඉතිරි වන ප්‍රමාණය පමණක් අපනයනකරුවන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ. ජංගම සංක්‍රාම සම්බන්ධයෙන් වන ප්‍රේෂණ, අවසර දී ඇති පරිදි විදේශ විනිමය ආපසු ගැනීම්, ණය සේවාකරණ ගෙවීම්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම් එවැනි අවසරලත් ගෙවීම් යටතේ ආවරණය වේ. එමෙන්ම මෙවැනි සේවා අපනයන ආදායම් සිය රට වෙත ගෙන්වා ගැනීම හා එම මුදල් පරිවර්තනය කිරීමේ නීති ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය සහ තායිලන්තය වැනි කලාපීය අනෙකුත් රටවලද භාවිතා වන බව සඳහන් කළ යුතුය.

නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන සියලුම පුද්ගලයන්ට (විදේශ විනිමය ප්‍රේෂණය කරන්නන් සහ ලබන්නන්) එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතරම, කලින් ප්‍රකාශයට පත් කළ පරිදි විධිමත් මාර්ග හරහා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ඉපැයීම් දිරිගන්වමින් රජය සමඟ සහයෝගයෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීමට අඛණ්ඩව පහසුකම් සපයන බව ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඒ අනුව සාවද්‍ය තොරතුරු සහ පොරොන්දුවලට නොරැවටී විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ඉපැයීම් පරිවර්තනය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නියම කර ඇති නීති රීති දැඩි ලෙස පිළිපදින ලෙසත්, වරදවා වටහාගැනීම් වළක්වා ගැනීම සඳහා එවැනි නීතිරීති පිළිබඳව තම ගනුදෙනුකරුවන් දැනුවත් කරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?