මෙරට ඩොලර් ගිණුම් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අපනයන ඉපැයීම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය

අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත. විශේෂයෙන්ම, බලපත්‍රලාභී බැංකුවලට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීමෙන් පසු, එම සියලුම ප්‍රේෂණ මහ බැංකුවේ නීතිරීතිවලට අනුකුලව බලහත්කාරයෙන් පරිවර්තනය කරනු ලබන බවට පදනම් විරහිත මතයක් ව්‍යාප්ත වී ඇත. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම්, අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීතිවලට යටත් නොවේ. බලපත්‍රලාභී බැංකු සහ වෙනත් විධිමත් මාර්ග හරහා තම ඉපැයීම් යොමු කරන සංක්‍රමණික සේවකයන්ට ඕනෑම වාණිජ බැංකුවක එවැනි අරමුදල් විදේශ විනිමය වශයෙන් තබාගත හැකිය. ඒ අනුව විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි “විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ එසේ කිරීමට සුදුසුකම් ලබන, එම ඉපැයීම් ශ්‍රී ලංකා රුපියලට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයන් හට 2022 වසරේ ජනවාරි 31 දක්වා එ.ජ. ඩොලරයකට රුපියල් 10.00ක අමතර දිරි දීමනාවක් ලැබෙනු ඇත.

“සේවා අපනයන” මගින් ලැබෙන ආදායම් යනු අනේවාසිකයෙකු හට සංචාරක, වෘත්තීය සේවා ආදී සේවා සැපයීමෙන් උපයනු ලබන ශ්‍රී ලාංකික නේවාසිකයෙකුගේ විදේශ විනිමය ඉපැයීම් වේ. අවසරලත් අඩු කිරීම් සඳහා ගැළපීමෙන් පසු ඉතිරි අපනයන ආදායම් පරිවර්තනය කිරීමේ නීති රීතිවලට මෙම සේවා අපනයන යටත් වනු ඇත. මෙම පසුබිම තුළ, අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් වන නව නීති අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ “භාණ්ඩ හා සේවා අපනයනකරුවන්” සඳහා පමණක් බව එයින් පැහැදිලි වනු ඇති අතර නව නියමයන්හි දක්වා ඇති අවසරලත් ගෙවීම් අඩු කිරීමෙන් පසු එවැනි අපනයන ආදායම්වලින් ඉතිරි වන ප්‍රමාණය පමණක් අපනයනකරුවන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ. ජංගම සංක්‍රාම සම්බන්ධයෙන් වන ප්‍රේෂණ, අවසර දී ඇති පරිදි විදේශ විනිමය ආපසු ගැනීම්, ණය සේවාකරණ ගෙවීම්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම් එවැනි අවසරලත් ගෙවීම් යටතේ ආවරණය වේ. එමෙන්ම මෙවැනි සේවා අපනයන ආදායම් සිය රට වෙත ගෙන්වා ගැනීම හා එම මුදල් පරිවර්තනය කිරීමේ නීති ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය සහ තායිලන්තය වැනි කලාපීය අනෙකුත් රටවලද භාවිතා වන බව සඳහන් කළ යුතුය.

නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන සියලුම පුද්ගලයන්ට (විදේශ විනිමය ප්‍රේෂණය කරන්නන් සහ ලබන්නන්) එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතරම, කලින් ප්‍රකාශයට පත් කළ පරිදි විධිමත් මාර්ග හරහා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ඉපැයීම් දිරිගන්වමින් රජය සමඟ සහයෝගයෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීමට අඛණ්ඩව පහසුකම් සපයන බව ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඒ අනුව සාවද්‍ය තොරතුරු සහ පොරොන්දුවලට නොරැවටී විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ගනුදෙනුකරුවන්ගේ විදේශ විනිමය ඉපැයීම් පරිවර්තනය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නියම කර ඇති නීති රීති දැඩි ලෙස පිළිපදින ලෙසත්, වරදවා වටහාගැනීම් වළක්වා ගැනීම සඳහා එවැනි නීතිරීති පිළිබඳව තම ගනුදෙනුකරුවන් දැනුවත් කරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01