ලෝකප්‍රකට රංගන ශිල්පියෙක් මෙලොව හැරයයි

ලෝ ප්‍රකට අමෙරිකානු ප්‍රහසන රංගන ශිල්පියෙකු වන බොබ් සෑගට් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවිය.

ඔහු වඩාත් රසික ජනාදරයට පාත්‍ර වූයේ ලොව පුරා අතිශය ජනප්‍රියතත්වයට පත් වූ Full House ටෙලිනාට්‍ය මාලාව හරහාය.

Orlando හි හෝටලයක කාමරයක් තුළදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් අහිතකර මත්ද්‍රව්‍ය භාවිත කිරීම් පිළිබඳවද තොරතුරු වාර්තා නොවන බවද විදෙස් මාධ්‍ය පවසයි. ඔහු පසුගිය සෙනසුරාදා රාත්‍රී ෆ්ලොරිඩා හි Jacksonville ප්‍රදේශයේ දී විශේෂ ප්‍රසංගයක් ද පවත්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?