හිස් බෝතලේ රිටන් කලොත් රු.10ක් : සතොස හරහා නව වතුර බෝතලයක් හඳුන්වා දෙයි

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබ තිබෙනවා.

මෙම පානීය ජල බෝතල්, සාමාන්‍ය වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව සඳහා එක් වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේ අදහස් දක්වා සිටියා.

“පානීය ජල බෝතල් අළෙවි කිරීම මෙරට දිනෙන් දින දියුණු වන විශාල ව්‍යාපාරයක් බවට පත් ව තිබෙනවා. මේ හේතුවෙන් ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැරීමත් වැඩි වී තිබෙනවා. එමඟින් පරිසරයට වන හානිය මෙතෙකැයි කියා නිර්ණය කළ නොහැකී. මේ හේතුවෙන් අපි මෙරට තිබෙන විශාලතම අළෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රු.35කට අළෙවි කිරීම අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, ලංකා සතොස පානීය ජල බෝතලයක් භාවිතා කොට නැවත ලබා දුනහොත් රු.10/=ක වාසියක් ලබා දීමට සැලසුම් කොට තිබෙනවා. මේ නිසා සමස්ත රටටම මිළෙන් අඩු පානීය ජල බෝතලයක් ගුණත්වයෙන් ඉහළව ලබා ගත හැකි වනවා වගේම, පරිසරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරීමට දායකත්වයක් සපයනවා. මෙමඟින් අපි අනෙකුත් පානීය ජල බෝතල් අළෙවිකරන සමාගම් වලට අභියෝග කිරීමට කටයුතු කරන්නේ නැහැ. නමුත් මෙම බෝතල් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය ඔවුන් ද භාවිතා කරන්නේ නම් පරිසරයට හිතකාමී ව්‍යාපාර කටයුත්තක් බවට ඔවුන්ගේ ව්‍යාපාරයත් පත් වනු ඇතැයි විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27