spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිස් බෝතලේ රිටන් කලොත් රු.10ක් : සතොස හරහා නව වතුර බෝතලයක් හඳුන්වා දෙයි

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබ තිබෙනවා.

මෙම පානීය ජල බෝතල්, සාමාන්‍ය වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව සඳහා එක් වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේ අදහස් දක්වා සිටියා.

“පානීය ජල බෝතල් අළෙවි කිරීම මෙරට දිනෙන් දින දියුණු වන විශාල ව්‍යාපාරයක් බවට පත් ව තිබෙනවා. මේ හේතුවෙන් ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැරීමත් වැඩි වී තිබෙනවා. එමඟින් පරිසරයට වන හානිය මෙතෙකැයි කියා නිර්ණය කළ නොහැකී. මේ හේතුවෙන් අපි මෙරට තිබෙන විශාලතම අළෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රු.35කට අළෙවි කිරීම අද සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, ලංකා සතොස පානීය ජල බෝතලයක් භාවිතා කොට නැවත ලබා දුනහොත් රු.10/=ක වාසියක් ලබා දීමට සැලසුම් කොට තිබෙනවා. මේ නිසා සමස්ත රටටම මිළෙන් අඩු පානීය ජල බෝතලයක් ගුණත්වයෙන් ඉහළව ලබා ගත හැකි වනවා වගේම, පරිසරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරීමට දායකත්වයක් සපයනවා. මෙමඟින් අපි අනෙකුත් පානීය ජල බෝතල් අළෙවිකරන සමාගම් වලට අභියෝග කිරීමට කටයුතු කරන්නේ නැහැ. නමුත් මෙම බෝතල් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය ඔවුන් ද භාවිතා කරන්නේ නම් පරිසරයට හිතකාමී ව්‍යාපාර කටයුත්තක් බවට ඔවුන්ගේ ව්‍යාපාරයත් පත් වනු ඇතැයි විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?