ලබන 12දාට පෙර කැබිනට් මාරුවක්

එළඹෙන ජනවාරි 12 වන දාට පෙර කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ගේ සැලකිය යුතු වෙනසක් සිදුවීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

දැනට සිටින ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විෂය පථවල වෙනසක් ද සිදුවනු ඇති බව ත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනට දරන තනතුරුවලට වඩා වැඩි වගකීමක් පැවැරීමට යන බවත් වාර්තා වේ.

මේ අතර, බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට රාජ්‍ය ඇමති ධූරයක් ලැබෙන්නට යන බවට ද තොරතුරු වාර්තා වේ.

එම තොරතුරුවලට අනුව ඔහුට ලැබෙන්නට යන්නේ ක්‍රීඩා, තරුණ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය ඇමති ධූරය බව ද වැඩිදුරට ත් දැනගන්නට ඇත.

කැටගොඩ මහතා 2000 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි. වාර්තමාන රජය යටතේ ඔහු නැවත පාර්ලිමේන්තුවට පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38