ලබන 12දාට පෙර කැබිනට් මාරුවක්

එළඹෙන ජනවාරි 12 වන දාට පෙර කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ගේ සැලකිය යුතු වෙනසක් සිදුවීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

දැනට සිටින ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විෂය පථවල වෙනසක් ද සිදුවනු ඇති බව ත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනට දරන තනතුරුවලට වඩා වැඩි වගකීමක් පැවැරීමට යන බවත් වාර්තා වේ.

මේ අතර, බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට රාජ්‍ය ඇමති ධූරයක් ලැබෙන්නට යන බවට ද තොරතුරු වාර්තා වේ.

එම තොරතුරුවලට අනුව ඔහුට ලැබෙන්නට යන්නේ ක්‍රීඩා, තරුණ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය ඇමති ධූරය බව ද වැඩිදුරට ත් දැනගන්නට ඇත.

කැටගොඩ මහතා 2000 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙනි. වාර්තමාන රජය යටතේ ඔහු නැවත පාර්ලිමේන්තුවට පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ය.

  1. ඕකට කියන්නෙ පයබරවායට පිටිකර බෙහෙත් බදිනව වගේ වැඩ කරනව කියල, ඇමති දූර මාරුකරන්න නෙමෙයිනෙ තියෙන්නෙ. අර වැඩ බැරි මෝඩ මනුස්සයව මාරු කරන ඒකනෙ.

  2. 🇱🇰ﹰPﹰrobably POLICE Mﹰinistry to Chamal, HEALTH Ministry to Namal, SPORTS Ministry to Keheliya, CULTURAL or BUDDHIST Ministry to Weerasekara.
    As you mentioned, Ketagoda will get a State Ministry.
    Let us see the changes on 12..01. 2022.