ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයටද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේය.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07, 10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවය.
පෞද්ගලික අංශයේ ඇඟලුම් ක්ෂේත්‍රය, වතු ක්ෂේත්‍රය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි හාම්පුතුන් කැඳවා ඔවුන් සමග මෙම පන්දහසේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් වන සුහද සාකච්ඡා සිදු කරන බව කම්කරු ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම සාකච්ඡා සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශ සහ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු සහභාගි වීමට නියමිතය.











අනේ තොපේ පන්දාහ දහදාහක් දුන්නත් ජනතාවට වැඩක් නැත ඔය සීනි බෝලය තොපේ රෙද්ද අස්සේ ගහපියව් රටට අවශය දේ කරපියව් නැතිනම් බොරුව තවදුරටත් නොකර තොපි හැදිගෑවියව් නැතිනම් ලගදීම ජනතාව තොපිව පන්නා දමණවාමයි තොපි යමව් ඒ ඇති