පෞද්ගලික සේවකයන්ටත් පන්දහසේ දීමනාව ලැබෙන්නෙ මෙහෙමයි

ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයටද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේය.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07, 10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවය.

පෞද්ගලික අංශයේ ඇඟලුම් ක්ෂේත්‍රය, වතු ක්ෂේත්‍රය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි හාම්පුතුන් කැඳවා ඔවුන් සමග මෙම පන්දහසේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් වන සුහද සාකච්ඡා සිදු කරන බව කම්කරු ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම සාකච්ඡා සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශ සහ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු සහභාගි වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
238
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44