ඔමික්‍රෝන් ගැන හමුවූ නවතම සාක්ෂිය

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බලපෑම් එල්ල කරන්නේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසටය.

ඒ හේතුවෙන් වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව මෘදු රෝග ලක්ෂණ ඇතිකරන බව තහවුරු කෙරෙන නව සාක්ෂි හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (04) නිවේදනය කළේය.

නමුත් එය සතුව ඇති ඉහළ සම්ප්‍රේෂණ හැකියාව නිසා කෙටි කාලයක් තුළ ඕනෑම ස්ථානයක පැතිරෙන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

අමෙරිකාවේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය සඳහන් කරන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්ති වේගය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?