නිතී වීරෝධීව ඩුබායි යැවිමෙන් අසරණ වුණ කතට හිරිහැර,අත්වල සහ පාදවල අස්ථිත් බිඳීලා

මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යවා ඇති බව වාර්තා වේ.

ඇය සේවා ස්ථානයේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු, පහර දී ගොඩනැගිල්ලේ දෙවන මහලින් බිමට තල්ලු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එම කාන්තාව එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු එහි සේවය කරන “සාමා” නැමැති කාන්තාවක් ඇයට නැවත එම නිවසේ සේවයට යන ලෙස බල කරමින් පහර දී ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස දෙවන මහලින් බිමට තල්ලු කර ඇත.

බිම ඇදවැටීමෙන් ඇයගේ අත්වල හා පාදවල අස්ථි බිඳී ගොස් ඇත. ඇය මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, ආබාධිත තත්ත්වයේ පසුවේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහනුවර පළාත් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ විමර්ශන අංශයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව එම කාන්තාව නීති විරෝධි අයුරින් විදේශ ගතකළ තැරැව්කරු වන ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 5,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?