නිතී වීරෝධීව ඩුබායි යැවිමෙන් අසරණ වුණ කතට හිරිහැර,අත්වල සහ පාදවල අස්ථිත් බිඳීලා

මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යවා ඇති බව වාර්තා වේ.

ඇය සේවා ස්ථානයේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු, පහර දී ගොඩනැගිල්ලේ දෙවන මහලින් බිමට තල්ලු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එම කාන්තාව එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු එහි සේවය කරන “සාමා” නැමැති කාන්තාවක් ඇයට නැවත එම නිවසේ සේවයට යන ලෙස බල කරමින් පහර දී ඇය එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස දෙවන මහලින් බිමට තල්ලු කර ඇත.

බිම ඇදවැටීමෙන් ඇයගේ අත්වල හා පාදවල අස්ථි බිඳී ගොස් ඇත. ඇය මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, ආබාධිත තත්ත්වයේ පසුවේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහනුවර පළාත් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ විමර්ශන අංශයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව එම කාන්තාව නීති විරෝධි අයුරින් විදේශ ගතකළ තැරැව්කරු වන ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 5,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට රු. 120ට වී ගන්න බෑ - අපි අසරණ වෙලා ඉන්නේ
08:56
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
02:30
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06