පුන්නක්කු අපනයනය අත්හිටුවීමට යෝජනා

ඩොලර් නො මැති වීම හේතුවෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් පාලනය කරන සතුන්ට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1500ක් ආනයනය කිරීම ඇණහිට තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ සඳහන් කළේ, බඩඉරිඟු හිඟ වීම නිසා අදාළ මෙට්‍රික් ටොන් ප්‍රමාණය ආනයනය කිරිම සඳහා රජයෙන් අවසර හිමි වූ බවයි.

කෙසේ වෙතත්, බඩඉරිඟු ආනයනය ප්‍රමාද වීම නිසා ඒ වෙනුවට බඩඉරිඟු ගස් වගාකරුවන්ගෙන් මිලට ගෙන ගවයින්ට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.

පවතින තත්ත්වය යටතේ පුන්නක්කු අපනයනය කිරිම ද අත්හිටුවිය යුතු බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ සත්ත්ව ගොවිපොළ 32ක් පවතින අතර, ගවයින් දස දහසක්, කුකුළන් ලක්ෂ 3ක් එමඟින් පාලනය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?