මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවත් හර්ෂ ද සිල්වා සඳහන් කර සිටියේ.
රජයේ සංඛ්‍යාලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම විනාශයක මුල බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.














බැලූ බැල්මට හර්ෂ ඇමතිතුමා යන්නෙ ඇත්තක්. ඒත් මේ රාජ්‍යයෙ ඉන්න බොහෝ මිනිස්සු ඊයේ පෙරේදා මැරිල ඉපදුන අය නෙවෙයි. 2001-2004 කාලේ ඩොලර් එක රුපියල් සීය වෙද්දි හාල් කිලෝ එක 110 යි. ඇතැම් අය ඊටත් වැඩියෙන් මිලදී ගත්තා. අද $1 ඩොලර් එක 218 තියෙද්දි හාල් 170 ද තියෙනවා. සාපේක්ෂව අදත් තියෙන්නෙ එදාට වඩා මිල අඩුවෙන්. තුන් වේල කාලා ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණේ අද ද එදා ද කියලා උගතුන් අතර සංවාදයක් ඇති කරන්න ඕනේ.