AFC Banner
Empty Ad
Empty Ad

පස්දරු මව ඝාතනය කර කිඹුලන්ට කන්ට දැමු තරුණයා අත්අඩංගුවට

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

එලෙස ඝාතනය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති මවකි.

මියගිය මව එංගලන්තයේ ලන්ඩන් හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණයවී තිබේ.

උදයනගර්,අම්බලකුලහි එම කාන්තාව තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇති අතර නිවසේ සිටියදී ඊයේ රාත්‍රියේ සිට ඇය අතුරුදහන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුනා.

එම මව පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවසෙහි බිම තිබී පොලිසියට හමුවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචිව සිට ඇති සැකකරු කාන්තාව මරා සිරුර යතුරු පැදියක දමාගෙන නිවසේ සිට කිලෝමීටර 18 දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම් හි ඇළමාර්ගයකට දමා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?