පස්දරු මව ඝාතනය කර කිඹුලන්ට කන්ට දැමු තරුණයා අත්අඩංගුවට

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

එලෙස ඝාතනය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති මවකි.

මියගිය මව එංගලන්තයේ ලන්ඩන් හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණයවී තිබේ.

උදයනගර්,අම්බලකුලහි එම කාන්තාව තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇති අතර නිවසේ සිටියදී ඊයේ රාත්‍රියේ සිට ඇය අතුරුදහන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබුනා.

එම මව පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවසෙහි බිම තිබී පොලිසියට හමුවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචිව සිට ඇති සැකකරු කාන්තාව මරා සිරුර යතුරු පැදියක දමාගෙන නිවසේ සිට කිලෝමීටර 18 දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම් හි ඇළමාර්ගයකට දමා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14