මැති ඇමතිවරු 80 ක් රට සවාරිවල

වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අසූවක පමණ පිරිසක් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව ආදී රටවල පුද්ගලික සංචාරවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 11 වැනිදා දක්වා කල්තබා තිබීමත් ඔවුන්ගේ පහසුවට හේතුවී ඇත. නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම දෙසැම්බර් අග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ ආකාරයට විදේශ ගතවන බවත් වාර්තා වේ. බරපතළ ඩොලර් හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවී ඇති බවට මත පළ වී තිබියදී මේ අය විදේශ සංචාරයේ නිරතවීම මෙවර ඇති විශේෂත්වයයි.

බොහෝ මැති ඇමැතිවරුන් විදේශගත වන්නේ ඒ ඒ රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන් හා ඒ ඒ රටවල පදිංචි ඥාතීන් හිතමිතුරන් සමඟ විනෝදයෙන් ගත කිරීමට යැයි ද ඔවුන් කිහිප දෙනෙක්ගෙන් කළ විමසීමකදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු සඳහන් කළේය.

දැනට විදේශගතවී සිටින පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පිරිසට අමතරව තවත් පිරිසක් විදේශගතවීමේ සූදානමින් පසුවන බවද දැනගන්නට තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් වර්ෂාවසානයේදී නුවරඑළිය සංචාරයේ නිරතවීමට සූදානමින් සිටිති. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නිදහසේ විවේකය ගත කිරීම සඳහා නුවරඑළියේ ඉදිකර තිබෙන ‘සෙන්පති නිවස’ (General House) වෙන්කර ගෙන ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

තම දරුවන් හා ඥාතීන් යුරෝපීය රටවල වෙසෙන බැවින් ඒ අය බැලීමට යෑමේ ඇති විශේෂත්වය කුමක්දැයි සමහර අය විමසා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44