වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අසූවක පමණ පිරිසක් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව ආදී රටවල පුද්ගලික සංචාරවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 11 වැනිදා දක්වා කල්තබා තිබීමත් ඔවුන්ගේ පහසුවට හේතුවී ඇත. නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම දෙසැම්බර් අග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ ආකාරයට විදේශ ගතවන බවත් වාර්තා වේ. බරපතළ ඩොලර් හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවී ඇති බවට මත පළ වී තිබියදී මේ අය විදේශ සංචාරයේ නිරතවීම මෙවර ඇති විශේෂත්වයයි.
බොහෝ මැති ඇමැතිවරුන් විදේශගත වන්නේ ඒ ඒ රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන් හා ඒ ඒ රටවල පදිංචි ඥාතීන් හිතමිතුරන් සමඟ විනෝදයෙන් ගත කිරීමට යැයි ද ඔවුන් කිහිප දෙනෙක්ගෙන් කළ විමසීමකදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු සඳහන් කළේය.
දැනට විදේශගතවී සිටින පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පිරිසට අමතරව තවත් පිරිසක් විදේශගතවීමේ සූදානමින් පසුවන බවද දැනගන්නට තිබේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් වර්ෂාවසානයේදී නුවරඑළිය සංචාරයේ නිරතවීමට සූදානමින් සිටිති. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නිදහසේ විවේකය ගත කිරීම සඳහා නුවරඑළියේ ඉදිකර තිබෙන ‘සෙන්පති නිවස’ (General House) වෙන්කර ගෙන ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
තම දරුවන් හා ඥාතීන් යුරෝපීය රටවල වෙසෙන බැවින් ඒ අය බැලීමට යෑමේ ඇති විශේෂත්වය කුමක්දැයි සමහර අය විමසා සිටියහ.














It seems that they also do not like to stay in Sri Lanka. But foreigners have come to SL in big way to stay in this season in Sri Lanka.
They all are really sick of their own country. That is why they choose a different country to enjoy at leasure times.🇱🇰🏏
ඕවට ඩොලර්ස් තියනවා