AFC Banner
Empty Ad
Empty Ad

ආරක්ෂාව තර කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

එළඹෙන උත්සව සමයේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත මීට අදාල උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන සහ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

ගැට කපන්නන්, අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය කටයුතු කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් වැඩි සංඛ්‍යාවක් යෙදවීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී ඇති බව සදහන් වෙයි.

එමෙන්ම යතුරුපැදි සහ පාමුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබේ.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන උන්නාරුවේ රැවුල් ඉන්දික නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?