ආරක්ෂාව තර කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

එළඹෙන උත්සව සමයේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත මීට අදාල උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන සහ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

ගැට කපන්නන්, අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය කටයුතු කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් වැඩි සංඛ්‍යාවක් යෙදවීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී ඇති බව සදහන් වෙයි.

එමෙන්ම යතුරුපැදි සහ පාමුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙහිදී උපදෙස් ලබාදී තිබේ.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන උන්නාරුවේ රැවුල් ඉන්දික නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19