ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙරටට ගෙන්වූ එක් ගෑස් නෞකාවක ගෑස් තොග මේ වනවිට ගොඩබාමින් සිටින බව එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ
“මේ වෙනකොට ගෑස් නැව් 3ක් ලංකාවට ඇවිත් තියෙනවා. ඊයේ ස්ථානීය පරීක්ෂාවකින් පසුව පළවෙනි නැව නිදහස් කළා. ඒගොල්ලන්ට නැව ඇතුළේ පහසුකම් තියෙනවා එතිල් මර්කැප්ටන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මේ වෙනකොට ඉතිරි නැව් දෙකේ පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. එක නැවක ගෑස් මේ වනවිට ගොඩබාමින් පවතිනවා.”
මේ අතර පොලීසිය පැවසුවේ ගතවූ පැය 24ක කාලය තුළ ගෑස් ආශ්‍රිත අනතුරු24ක් දිවයිනේ විවිධ ප්‍රදේශලින් වාර්තා වී ඇති බවය.
අගලවත්ත, මුල්ටියන ප්‍රදේයේ ලාෆ් ගෑස් භාවිත කරන නිවසක තිබූ ගෑස් ලිපට සම්බන්ධ බටයක් අද (18) උදෑසන පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් 51ක් හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අනතුරින් අදාළ කාන්තාවගේ දෙපා පිළිස්සී තිබුණි.
මේ අතර තිස්සමහාරම බෙරලිහෙල ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් අද පෙරවරුවේ පුපුරාගොස් ඇත.
කොටගල, පතන ප්‍රදේශයෙන් සහ ඩ්‍රේටන් වතුයායෙන් ද ගෑස් ලිප් අනතුරු දෙකක් වාර්තා විය.
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක ද ඊයේ රාත්‍රියේ ගෑස් ලිපක් පුපුරාගොස් තිබේ.