ගෑස් නැව මෙරට මුහුදු සීමාවේදීම ප්‍රමිති සුදුසුකම් සපුරයි

ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙරටට ගෙන්වූ එක් ගෑස් නෞකාවක ගෑස් තොග මේ වනවිට ගොඩබාමින් සිටින බව එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ

“මේ වෙනකොට ගෑස් නැව් 3ක් ලංකාවට ඇවිත් තියෙනවා. ඊයේ ස්ථානීය පරීක්ෂාවකින් පසුව පළවෙනි නැව නිදහස් කළා. ඒගොල්ලන්ට නැව ඇතුළේ පහසුකම් තියෙනවා එතිල් මර්කැප්ටන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මේ වෙනකොට ඉතිරි නැව් දෙකේ පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. එක නැවක ගෑස් මේ වනවිට ගොඩබාමින් පවතිනවා.”

මේ අතර පොලීසිය පැවසුවේ ගතවූ පැය 24ක කාලය තුළ ගෑස් ආශ්‍රිත අනතුරු24ක් දිවයිනේ විවිධ ප්‍රදේශලින් වාර්තා වී ඇති බවය.

අගලවත්ත, මුල්ටියන ප්‍රදේයේ ලාෆ් ගෑස් භාවිත කරන නිවසක තිබූ ගෑස් ලිපට සම්බන්ධ බටයක් අද (18) උදෑසන පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් 51ක් හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුරින් අදාළ කාන්තාවගේ දෙපා පිළිස්සී තිබුණි.

මේ අතර තිස්සමහාරම බෙරලිහෙල ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් අද පෙරවරුවේ පුපුරාගොස් ඇත.

කොටගල, පතන ප්‍රදේශයෙන් සහ ඩ්‍රේටන් වතුයායෙන් ද ගෑස් ලිප් අනතුරු දෙකක් වාර්තා විය.

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක ද ඊයේ රාත්‍රියේ ගෑස් ලිපක් පුපුරාගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
00:00
Video thumbnail
ෆෝන් 87ක් චීන්නු තිදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:35
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29