ඔමික්‍රෝන්වලින් බේරීමට කළ යුතු දේ

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවන රෝගාබාධවලට  85%ක ආරක්ෂාවක් ලැබෙන බවට පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ.

බ්‍රිතාන්‍ය විසින් සිදුකළ පර්යේෂණයකින් පසු මේ බව අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රා පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.

පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ලොව පුරා තොරතුරු රැස්කර ගන්නා තෙක් ඒ පිළිබඳව පැහැදිලි නිගමනයකට ඒම අපහසු බවය.

එතෙක් එම ප්‍රභේදයේ දරුණු තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බව විදෙස් වාර්තා පෙන්වා  දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?