ආයෝජන මණ්ඩලයේ ලොක්කන්ට දෙහිකපන සජිත්…

රජය විසින් නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් ආයෝජන මණ්ඩලයට නිළධාරීන් බදවාගෙන ඇති බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් කියා සිටියේ ලක්ෂ ගණනින් වැටුප් ලබාදීමේ ගිවිසුම් සහිතව මෙම පත්කිරීම් සිදුකර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට රජය තීරණය කර ඇත්තේද මෙවැනි වංචනික ක්‍රියා හෙළිවේයැයි යන බියෙන් වන බවටද විපක්ෂ නායකවරයා චෝදනා එල්ල කලා.කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම් වලට බියෙන් රජයට ආයෝජන මන්ඩලයේ ප්‍රධානීන් ඉල්ලා අස් වෙන බවට තර්ජනය කල බවට ද ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?