රට සවාරි ගහන ඇමතිවරු…

රට තුල උග්‍ර ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක මැතිඇමතිවරුන් විදෙස් සංචාරවල නිරතවීම අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ විදෙස් සංචාරයක් සදහා සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුට අමෙරිකානු ඩොලර් 250 ක මුදලක් රජයෙන් ගෙවන බවයි.මෙවැනි අසීරු අඩියක එම මුදලත් ඉතාම බරපතල වියදමක් ලෙස සැලකීම අමාත්‍යවරයෙක් සතු වගකීමක් බව ජනතාව වශයෙන් අපි විස්වාස කර සිටිමු.

මේ අතර ඉකුත්දා පැවැත් වූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා ප්‍රකාශ කළේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ විදෙස්ගතව ඇති බවයි.

මේ පිළිබඳව සනත් නිශාන්ත අමාත්‍යවරයා සමග කල සංවාදයකදී ඔහු කියාසිටියේ නිල සංචාර ලෙස ආණ්ඩුවේ කිසිවෙකුත් විදෙස් ගතවී ඇති බවට තමන් තොරතුරු නොමැති බවයි. ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේද මන්ත්‍රීවරුන් මෙලෙස විදෙස් ගතවී ඇතැයි වාර්තා වන බව ද සදහන් කළා.

රට තුළ ඩොලර් හිඟයක් ඇතැයි දැඩිව ප්‍රකාශ කරන සමයක මෙලෙස මැති ඇමතිවරුන් රටේ ඩොලර් වියදම් කරමින් පෞද්ගලික සංචාරවල නිරතවීම කෙතරම් සදාචාරාත්මක දැයි බොහෝ පාර්ශව නගන ප්‍රශ්නයක්. ගෑස්, පොහොර, එළවළු මිල, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය වැනි විවිධ ගැටළු රැසක් මධ්‍යයේ ජනතාවද අභියෝග රැසකට මුහුණපා ඇති මොහොතක සැබෑ ජනතා නියෝජිතයින් කළයුතු වන්නේ ජනතාව සමග රැදී සිටීම නොවේ දැයි බොහෝ දෙනෙකු නගන තවත් ප්‍රශ්නයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?