රට සවාරි ගහන ඇමතිවරු…

රට තුල උග්‍ර ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක මැතිඇමතිවරුන් විදෙස් සංචාරවල නිරතවීම අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ විදෙස් සංචාරයක් සදහා සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුට අමෙරිකානු ඩොලර් 250 ක මුදලක් රජයෙන් ගෙවන බවයි.මෙවැනි අසීරු අඩියක එම මුදලත් ඉතාම බරපතල වියදමක් ලෙස සැලකීම අමාත්‍යවරයෙක් සතු වගකීමක් බව ජනතාව වශයෙන් අපි විස්වාස කර සිටිමු.

මේ අතර ඉකුත්දා පැවැත් වූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා ප්‍රකාශ කළේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ විදෙස්ගතව ඇති බවයි.

මේ පිළිබඳව සනත් නිශාන්ත අමාත්‍යවරයා සමග කල සංවාදයකදී ඔහු කියාසිටියේ නිල සංචාර ලෙස ආණ්ඩුවේ කිසිවෙකුත් විදෙස් ගතවී ඇති බවට තමන් තොරතුරු නොමැති බවයි. ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේද මන්ත්‍රීවරුන් මෙලෙස විදෙස් ගතවී ඇතැයි වාර්තා වන බව ද සදහන් කළා.

රට තුළ ඩොලර් හිඟයක් ඇතැයි දැඩිව ප්‍රකාශ කරන සමයක මෙලෙස මැති ඇමතිවරුන් රටේ ඩොලර් වියදම් කරමින් පෞද්ගලික සංචාරවල නිරතවීම කෙතරම් සදාචාරාත්මක දැයි බොහෝ පාර්ශව නගන ප්‍රශ්නයක්. ගෑස්, පොහොර, එළවළු මිල, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය වැනි විවිධ ගැටළු රැසක් මධ්‍යයේ ජනතාවද අභියෝග රැසකට මුහුණපා ඇති මොහොතක සැබෑ ජනතා නියෝජිතයින් කළයුතු වන්නේ ජනතාව සමග රැදී සිටීම නොවේ දැයි බොහෝ දෙනෙකු නගන තවත් ප්‍රශ්නයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22