නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගෙන් විශේෂ දැනුම් දීමක්

කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේ, අන් කිසිවක් නොව, ජනතාවගේ අයහපත් හැසිරීම් රටාව සහ නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව ක්‍රියා නොකිරීම නිසා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඒ මහතා කියා සිටියේ, මෙම උත්සව සමය උත්සවශ්‍රීයෙන් සැමරීම් සිදු කිරීමට නොහැකි වුව ද, එසේ කිරීමට පෙළඹීම තුළ වෛරසය ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ, සමාජ දුරස්ථභාවයට අනුගත නොවී, ඒකරාශී වීම් සිදු වුවහොත් බවයි.

මෙම තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට නම්, ලංකාවාසී සියලුම ජනතාව මෙම උත්සව සමයේ නිසි සෞඛ්‍ය උපදෙස් , සමාජ දුරස්ථභාවය රඳා ගනිමින් කටයුතු කළහොත්, සතුටින් උත්සව සමය ආරක්ෂිතව සැමරීමට සැමට අවකාශය ලැබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

නව ප්‍රභේද මෙරට තුළ ඇති වුව ද , එයට කිසිලෙසකින් බිය නොවී ජීවත් වීමට හැකියාව ලැබෙන්නේ ද, නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්නේ නම් පමණක් බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

කොවිඩ් නීතිරීති පසෙකලා වගකීම්සහගත බවින් මිදී කටයුතු කරන්නේ නම්, අප සැමට පෙර සිටි අඳුරු අතීතයට යළි යෑමට අවකාශය හිමිවනු ඇති බවට ද ඔහු පවසනවා.

මේ අතර, සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා තෙවන එන්නත් මාත්‍රාව ලබ ගැනීම සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ, එන්නත්කරණයට ලක්වීම සුදුසු ද නුසුදුසු ද යන කාරණය සම්බන්ධයෙන් තීරණය ගැනීම සිය ස්වාධීන අයිතියවක් ලෙස අප සලකන අතර,එහෙත් වැඩි පිරිසක් ගැවසෙන ස්ථානවල හෝ සෞඛ්‍යමය වශයෙන් අනතුරුදායක ගමන්වලට යොමු වන්නේ නම්, තමන්ගේ මෙන්ම සමාජයේ යහපත උදෙසා මෙම තුන්වැනි මාත්‍රාව ලබා ගැනීමට අනිවාර්යෙන්ම යොමු වීම වඩාත් සුදුසු බවයි.

පාසල් දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඉදිරියේදී පාසල් තුළම සිදු කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරමින්, ඒවා නියමිත පරිදි අදාළ දිනවකවානු ලබාදීමෙන් අනතුරුව ආරම්භ කිරීමට මේ වනවිටත් අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30