මලයණ්ඩි එයි….අයියණ්ඩි යයි

කෙටි විදෙස් සංචාරයකින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) රාත්‍රියේ හදිසියේම යළි ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.ජනාධිපතිවරයාගේ මෙම සිංගප්පූරු සංචාරය පුද්ගලික එකක් බවට ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබුණි.

ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පසුගිය සඳුදා (13)ය පිටත්ව ගියේ දින 5ක් සඳහා වන අතර එහි මවුන්ට් එළිසෙබෙත් රෝහලේ වෛද්‍ය පරීක්ෂණ සිදුකරගැනීමට බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුවද ඔහු දින පහ සම්පූර්ණ වීමට පෙර හදිසියේම දිවයිනට යළි පැමිණ ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නික්මයාමත් සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳුදා (13) පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ඩුබායි හරහා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.කටුනායක ගුවන් තොටුපළින් අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රාජපක්ෂ අමාත්‍යවරයා සිය බිරිඳ සමඟ රටින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මේ වනවිට රට තුළ දැවැන්ත විදේශ සංචිත අර්බුදයක් පවතින අතර ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා සහ එහි ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනකු මැදපෙරදිග නිල සංචාරයක ද නිරත වෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?