spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මලයණ්ඩි එයි….අයියණ්ඩි යයි

කෙටි විදෙස් සංචාරයකින් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) රාත්‍රියේ හදිසියේම යළි ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.ජනාධිපතිවරයාගේ මෙම සිංගප්පූරු සංචාරය පුද්ගලික එකක් බවට ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබුණි.

ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පසුගිය සඳුදා (13)ය පිටත්ව ගියේ දින 5ක් සඳහා වන අතර එහි මවුන්ට් එළිසෙබෙත් රෝහලේ වෛද්‍ය පරීක්ෂණ සිදුකරගැනීමට බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුවද ඔහු දින පහ සම්පූර්ණ වීමට පෙර හදිසියේම දිවයිනට යළි පැමිණ ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නික්මයාමත් සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳුදා (13) පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ඩුබායි හරහා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.කටුනායක ගුවන් තොටුපළින් අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රාජපක්ෂ අමාත්‍යවරයා සිය බිරිඳ සමඟ රටින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මේ වනවිට රට තුළ දැවැන්ත විදේශ සංචිත අර්බුදයක් පවතින අතර ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා සහ එහි ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනකු මැදපෙරදිග නිල සංචාරයක ද නිරත වෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?