දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය ඉදිරි පැය 24 තුල අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතින අතර නැගෙනහිර – මධ්‍යම – ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.