ආණ්ඩුව නිසා කලකිරී සිටින රතන හිමි

යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ රහසිගත ගිවිසුම හමුවේ අදවනවිට ආණ්ඩුවේ ගරුත්වය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කරනවා.

යුගදනවි ගණුදෙනුව – ආණ්ඩුවේ විනිවිදභාවය සහ ජීවන වියදම යන මැයෙන් අද (14) ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති මහජන මන්ත්‍රණ සභාවේදීයි අතුරලියේ රතන හිමියන් මේ බව සඳහන් කළේ.

විමල් වීරවංශ – උදය ගම්මන්පිළ – වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් නායකත්වය දරන දේශපාලන පක්ෂ ඇතුලු පක්ෂ 11 ක් ඒකාබද්ධවයි මෙම මහජන මන්ත්‍රණ සභාව සංවිධාන කර තිබුණේ. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරරියේ රතන හිමියන් කියා සිටියේ ආණ්ඩුව විසින් තමන්ගේ සායම හෝදාගත් බවයි.
මෙවන් කටයුතු කරන ආණ්ඩුවට මඥ්ඥන් යැයි පැවසූ උන් වහන්සේ , මේ කටයුතු නිසා අඩන්නට සිතෙන බවද කියා සිටියේය…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?