ප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩුව දිනපතා විභාග කිරීමට ද පංජාබ් පළාත් රජය තීරණය කර තිබුණි.
නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් වන නඩුව දින 14ක කාලයක් තුළ අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ද දැනුම් දී ඇති බව සඳහන්ය.
එහිදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවද පංජාබ් ප්‍රාදේශීය පොලීසිය දැනුම් දී තිබේ.
එමෙන්ම සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය බන්ධනාගාරය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී අවධානය යොමුව තිබුණි.




