ප්‍රියන්ත ඝාතන නඩුව ගැන පාකිස්තානය ගත් සුවිශේෂී තීරණය

ප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩුව දිනපතා විභාග කිරීමට ද පංජාබ් පළාත් රජය තීරණය කර තිබුණි.

නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් වන නඩුව දින 14ක කාලයක් තුළ අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ද දැනුම් දී ඇති බව සඳහන්ය.

එහිදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවද පංජාබ් ප්‍රාදේශීය පොලීසිය දැනුම් දී ති‍බේ.

එමෙන්ම සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය බන්ධනාගාරය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී අවධානය යොමුව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55