ගෑස් ප්‍රශ්නයට පෙත්සමක් …

ලංකාවට නිසි ප්‍රමිතියකින් තොර ගෑස් ගෙන්වීම හේතුවෙන් ඇතිවූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා

බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ.පෙත්සම්කරු කියා සිටින්නේ නිසි ප්‍රමිතියකින් තොර ගෑස් ආනයනය කර බෙදාහැරීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් දැනට වෙළෙඳපොළ වෙත මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස ලිට්‍රො සහ ලාෆ්ස් ගෑස් සමාගම් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?