මමත් හොඳ ආදරවන්තයෙක් තමයි

සිසු දරුවන් දහස් ගණනකගේ නැණ නුවණ පාදා ලු මහ ඇදුරකු ලෙසින් සරසවි භූමියේදී නොඅඩුව ගෞරවාදරයට පාත්‍ර වූ ඔහු ශ්‍රී ලාංකීය කලා කෙත අස්වද්දන්නට රනින් මතකයක් එක් කළ අග්‍ර ගණයේ දක්ෂ සිනමාවේදියෙකු ලෙසින් ද බොහෝ ජනාදරයට පාත්‍ර වී ඇත. හදවතට සමීප ගීත නිර්මාණය කළ ගීත රචකයෙකු ලෙසින්ද නිබඳව ආදරයට පාත්‍ර වන ඔහුව සොයා මම බොල්ගොඩ සොඳුරු වැව් ඉස්මත්තේ පිහිටි ඔහුගේ නිවසට ගොඩ වූයෙමි .  .මා ඉදිරියේ සිටින්නේ ලෝකයක් හඳුනන වටිනා චරිතයකි .ඔහු මහාචාර්ය සුනිල් ආරියරත්න නම් සොඳුරු නිහතමානී කලාකරුවාය.

මේ දිනවල මොනවද අලුතින් කෙරෙන්නේ ?

අලුත් පොතක් නිකුත් කළා ”දෙමළ මහා කවි  භාරතී” කියලා . දෙමළ  සාහිත්‍යය රසය  පාඨකයාට හඳුන්වා දීමේ උතුම් ජාතික වගකීමක් ලෙසටයි මෙවැනි පොත් මම කරන්නේ. පාඨක පිරිස අඩු වුණත් දෙමළ සාහිත්‍යය ගැන දැනගන්න කැමති පිරිස් වෙනුවෙන් මේ වෙනකොට ග්‍රන්ථ කිහිපයක්ම නිර්මාණය කර තිබෙනවා ….

ඔබේ අලුත් චිත්‍ර පටිය එළිදැක්වීමට නියමිතද?

රට පුරා පැතිරී ගිය වසංගත රෝගී තත්ත්වය නිසා මා විසින් නිර්මාණය කළ චිත්‍රපටි දෙකක් තිරගත කිරීමට සුදුසු කාලයක් පැමිණෙන තෙක් බලා සිටිනවා …..මා මෙතෙක් කළ සිනමා නිර්මාණ වගේම නව සිනමා නිර්මාණ 2 ක් වන  කදිර  දිව්‍ය රාජ සහ ක්ෂීර සාගරය කැළඹිණ කියන  චිත්‍රපටි දෙකම ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගනී කියලා මම විස්වාස කරනවා.

ඔබ කරන සෑම සිනමා නිර්මාණයක් ම ආදායම් වාර්තා තබන්නට තරම් ජනප්‍රිය වීමට හේතුව මොකක් ද ?

මම හිතන්නේ ඒකට මූලිකම හේතුව තමයි කරන වැඬේ අවංකවම උපරිමයෙන් කිරීම කියන මා සතු ප්‍රතිපත්තිය …පැය කිහිපයකට පටිගත කිරීම් කරන  සිනමාපටයක් නිර්මාණය කරන්න වසර ගණනාවක් තොරතුරු සෙවිය යුතුයි, ආගම, සංස්කෘතිය, ඉතිහාසය ස්පර්ශ කළ යුතුයි, හැදෑරීම් කළ යුතුයි ….මේ සියල්ල සමගින් ප්‍රේක්ෂකයා ට නිවැරදිම දේ දිය යුතු යි  . එ් සියල්ලෙහිම එකතුවකින් මාගේ සිනමාපට සියල්ල ඉතා ම කෙට් කලකින්  ආදායම් වාර්තා තබන්නට තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබීම ට  හේතු වුණා විය හැකියි.

ආරම්භයේ දී ගීත රචකයෙකු ලෙසත් වඩාත් ජනාදරයට පාත්‍ර වෙනවා …මෑතකදී ගීත රචනා කෙරුනේ නැද්ද ?

මාගේ චිත්‍රපටියකට අවශ්‍ය ආකාරයට ගීතයක් නිර්මාණය කරනවා හැරෙන්න වසර පහළොවකින් පමණ මම ගීත රචනාවක් කරලා නැහැ .

ඔබ ගීත රචනයෙන් ඉවත් වෙන්නේ යම් කිසි යම් කිසි කලකිරීමකින් ද?

කළ කිරීමකුත් නැතුවාම නොවෙයි .දින දින විනාශ වී යන ගීත රචනා කලාවට අර්ථාන්විත දෙයක් අපට කරන්න ඉතිරි වෙලා නැති තරම්.පිරිමි හඬක් නැති ගීත කලාවේ අර්ථවත් ගීත රචනා කිරීම නිශ්ඵල ලෙසටයි මට හිතෙන්නෙ.

ඔබ වඩාත් ජනප්‍රිය වෙන්නේ?

හැත්තෑව අසූව දශක වලදි මාගේ ගීත රචනා අති දක්ෂ  ප්‍රතිභාසම්පන්න ගායක ගායිකාවන්ගේ හඬින් ගායනා වීමත් සමඟ නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලැබුණා. ඉන්පසුව සිනමා ක්ෂ්ත්‍රයට අවතීර්ණ වීමත් සමග කුසපබා චිත්‍රපටයේ සිට මේ දක්වාම කළ සෑම චිත්‍රපටයක්ම ඉතාම කෙටි කාලයකින් මිනිසුන් වැළඳ ගැනීමත් සමග ජනාධිපති සම්මාන ඇතුළු  සම්මාන රාශියකට පාත්‍ර වීමත් සමඟ නොසිතන ජනප්‍රියත්වයක් ලැබුණා ….මහාචාර්යවරයෙකු ලෙස ට විශ්වවිද්‍යාල ජීවිතයෙන් විශ්‍රාම යනතෙක් වගේම අදටත් හිඟ නොවන ආදරයක් ගෞරවයක් ලබනවා.

වාසනාව ලැබීම ඒ ගැන   ඔබ විශ්වාස කරනවද  ?

ඔව් යම් තරමකට විශ්වාස කරනවා. ඒ වගේම වෘත්තීන් තුනෙන්ම මෙතරම්  ජනාදරයක් ලබන්න මා සතු යම් වාසනාවක් තිබෙනවා කියලත් මං විශ්වාස කරනවා. උපන් හැකියාවෙන් දක්ෂතාවයන්ගෙන් වැඩ කිරීමෙන්, ඕනෑම කෙනෙකුට වාසනාව ලැබීම කියන දේ මතු කර ගන්න පුළුවන් කියලත් මම විශ්වාස කරනවා …..

අගය කිරීම් සිතට දැනෙන්නේ කොහොමද?

කෙටි පනිවිඩයේ, දුරකථන ඇමතුමේ සිට සම්මන්ත්‍රණ, වැඩමුළු, රූපවාහිනී සාකච්ඡා, ගුවන් විදුලි වැඩසටහන්, පුවත්පත් ලිපි මේ සියල්ලගෙන්ම දක්වන අගය කිරීම වගේම   මගතොට දී හමුවෙලා ප්‍රේක්ෂකයෙක්, පාඨකයෙක්  මුහුණේ සිනහවකින් දක්වන අගය කිරීමත් හිතට මහා ලොකු අස්වැසිල්ලක්.අදටත් මගට බැස්සොත් පන්සලකට,පල්ලියකට, කෝවිලකට ,කඩපිලකට ගියොත්” සර් මම ඔබෙන් ඉගෙන ගත්ත   ගෝලයෙක්” කියලා බොහෝ ඉහළ තනතුරු දරන අය මා ඉදිරියට ඇවිත් කතා කරනවා. එවැනි දේ ඇසට දැකීමත් කනට ඇසීමත් බොහොම සතුටුදායකයි.

පුංචි කාලේ ඔබ කවුරුන් වෙන්නද ආසාවෙන් හිටියේ?

විශ්වවිද්‍යාල  ජීවිතයේදී ඉහළටම ගිහින් මහාචාර්යවරයකු වීම මගේ හිතේ තිබිච්ච හීනයක්. ඒ වගේම වටිනා සිනමා නිර්මාණ කරණයේ යෙදී සිනමාකරුවෙකු ලෙස යම් දිනක ශ්‍රී ලාංකේය  කලාවට යමක් කළ යුතුයි කියන සිහිනයක් පුංචි කාලේ ම හිතේ තිබුණා .හදවතට සමීප ගීත රචනය මාගේ පුංචි කාලේ ඉඳලාම තිබිච්ච දක්ෂතාවයක ප්‍රතිඵලයක් …එහෙම බැලුවහම පුංචිකාලෙ මා දැකපු සිහින තමයි අද සැබෑ වෙලා තියෙන්නෙ .

ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ආදරේ කියන්නෙ  සදාකාලික පරම රමණීය දෙයක්. ඒ නිසා වයසක් කාලයක් සීමාවක් නෑ ආදරය කරන්න .මිය යන තෙක්ම  ජීවිතේ ජීවත් කරවන්නේ ආදරය. කොටින්ම කිව්වොත් විශ්වයේ පැවැත්ම තීරණය කරලා තියෙන්නෙත් ආදරය .

ඔබත් ආදරය කරනවාද?

අපොයි ඔව්. අදටත් මම ආදරය කරනවා .මමත් හොඳ ආදරවන්තයෙක්.

ජීවිතේ ට තනිකමක් දැනිලා නැද්ද?

කවදාවත් නැහැ .උදෑසන 4ට  අවදි වෙලා රාත්‍රී දහයට නින්දට යනකම්ම කරන්න අර්ථාන්විත වැඩ යෙදෙනවා .කවදාවත් මම මගේ කාලය අනර්ථව වැයකරන්න කැමති නැහැ. මෙවැනි දින චරියාවක් නිසා අදටත් මට තනිකඩ ජීවිතේ ගැන කලකිරීමක්, පාළුවක් ,තනිකමක් දැනෙන්නේ නැහැ. කවදාවත් මම මගේ නිර්මාණයකට වත් තනිකම  ,පාළුව කාන්සිය කියන දේ එකතු කරගෙනත්  නැහැ .මොකද අද වෙනකම් ඒ දේවල් මට ජීවිතේට ගැටළු විදිහට දැනිලා නැහැ.

හැමදාම සතුටින් ඉන්න රහස මොකක්ද?

මම හරිම ආසයි හැමෝම සතුටින්  ඉන්නවා දකින්න. ඒ නිසා හැමදාම මටත් සතුටින් ඉන්න ලැබෙනවා කියලා මම හිතනවා .ඊට අමතරව ජීවිතය සරල වීම කියන්නෙම අපි හොයන නිරාමිස සතුට සොයා ගන්න පුළුවන් වෙනවා කියන එක .කොහොම නමුත් සතුට කියන පරම ධනයෙන් නම් මම ගොඩක් පොහොසත් .

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ජීවත් වෙන්න ලොකු කාලයක් නැති නිසා හිතට අවංකවම සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා නිතරම හිතනවා .

ඔබ තුමා වයසට යන එක නතර කරලද,දකින හැම දවසක ම එක වගේ?

නැහැ ….නැහැ…. දැන් මට වයස අවුරුදු හැත්තෑ දෙකක්. වයස  කියන්නේ ඉලක්කමක් විතරයි …අපේ දක්ෂතාවයෙන් වැඩ කරන්න වයස බාධාවක් වෙන්නෙ නැහැ. කොටින්ම දැන් මම වයසයි මට වැඩ කරන්න අමාරුයි නිර්මාණ කරනයෙ යෙදෙන්න අමාරුයි කියන සිතිවිල්ලක්වත් මගේ හිතට තවම ඇවිත් නැහැ.

නිරෝගී කම ආරක්ෂා කර ගැනීමට  මොනවාද කරන්නේ?

කෑම බීම ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙනවා. තෙල්, පිටි ,සීනි, මිරිස් වගේ කෑම හරිම අඩුවෙන් පාවිච්චියට ගන්නේ. ඊට අමතරව සෑම දිනකම විනාඩි 45ක කාලයක් උදෑසන ව්‍යායාම සඳහා කාලය ගත කරනවා. බොල්ගොඩ වැව අද්දර මම හදාගත්ත පාරක විනාඩි හතලිස් පහක් ව්‍යායාම වෙනුවෙන් මම ඇවිදිනවා …

ජීවිතයේ වඩාත් සතුටු වුණු දවස?

එවැනි සිදුවීම් නම් බොහොමයක් තිබෙනවා.කිහිපයක් මතක් කිරීම අපහසුයි.

ජීවිතයේ සංවේදී වුණු ම දවස?

මවගේ පියාගේ වෙන්වීම් අදටත් හදවතට දැනෙන මතකයන් .නමුත් කවදාවත් ජීවිතයේ සතුට කියලවත් ජීවිතේ දුකම කියලවත් මං පරතරයට ම අල්ලාගෙන නැහැ. මධ්‍යස්ථව සිතන නිසා ඒ සියල්ලම සිදු වීම් විදියට හිතන්න මං පුරුදු වෙලා ඉන්නවා.

අසුන්තා එදිරිසූරිය

  1. අපි නොදන්න ලිව් කීවලු . ආදරවන්තයා ගෙන . අර අහින්සක පවුලක් කැඩුවෙ . නංදා මාලිනි කසාද බැංදපු සුනෙත් ගෝකුලගෙන් නංදා මාලිනිට ආදරය කරල පවුල කඩපු අනංගයා :



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40