කළින් සැලසුම් කළ ඝාතනයක්.. සිරුරේ ඇටකටු සියයට 99ක්ම කැඩිලා.

මෙම ඝාතනය මෙහෙය වූ අපරාධකරුවන් දෙදෙනා මොහමඞ් තල්හා සහ පර්හාන් ඉද්රිස් බව තහවුරු වූයේ යැයි පන්ජාබ් පොලිසිය කියයි. රාජ්කොට් කම්හල වසා දමා ඇති අතර එහි සේවකයන් රැකියාවලට වාර්තා නොකර පැන ගොස් ඇත. පකිස්තාන් ජියෝ රූපවාහිනිය පැවසූවේ සනීපාරක්‍ෂක සේවකයන් පවා සිය සේවය ඉටු නොකිරීම ගැන මියගිය ප‍්‍රියන්ත කුමාර විසින් දැඩි ලෙස අවවාද කර තිබූ බවයි.

කම්හලේ බිත්තිවල ආගමික පෝස්ටර් අලවා තිබුණා. මේ පෝස්ටර් ඉරා දැමීම ගැන ප‍්‍රියන්ත කුමාර කම්කරුවන්ගෙන් සමාව අයැද සිටියා. එහෙත් වැඩ අධීක්‍ෂක ඔහුට එරෙහිව කම්කරුවන් උසිගන්වනු ලැබූවා යැයි ජියෝටීවී රූපවාහිනිය වැඩි දුරටත් හෙළි කළේය. එසේම ඝාතනය සිදු කිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධවූවන් ඝාතනය සිදු කරන අයුරු මෙන්ම ප‍්‍රියන්තගේ සිරුර අසල සිට සෙල්පි ඡායාරූප ද ගෙන තිබේ. මේ අතර කටාරයේ සිට ක‍්‍රියාත්මකවන අල් ජසිරා රූපවාහිනිය ප‍්‍රියන්ත කුමාර ඝාතනය වීමට පෙර ඉස්ලාම් දහමට අවමන්වන ලෙස ප‍්‍රකාශ කර ඇති බවට ප‍්‍රචාරයක් දියත් කරනු ලැබීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන 260ක් තෙහෙරික් ලබ්බික් සංවිධානයට සම්බන්ධ බව හෙළිවී ඇත. මෙම සංවිධානය මෙයට පෙර පොලිස් භටයන් 9ක් මරා දමා ඇතැයි පාකිස්තාන් මාධ්‍ය කියා සිටී. තහනම් කර තිබූ මෙම සංවිධානය නොවැම්බර් 7 දා රජය විසින් තහනම ඉවත් කර තිබේ. එම තහනම ඉවත් කිරීමේ කොන්දේසි පාකිස්තාන් රජය හෙළි කර නැත.

රාජ්කෝට් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය ගැන තෙහෙරික් ලබ්බික් සංවිධානයේ නායක සාද් හුසේන් මේ දක්වාම ප‍්‍රකාශයක් කර නැත. මොහුව සිර භාරයෙන් නිදහස් කිරීමත් සමගම සෙනෙට් සභික අස්මද් චව්ද්රි ඔහුට මල් කළබක් පිළිගැන්වීම ගැන ප‍්‍රවෘත්ති ඇමැති ශමාල් චව්ද්රි හෙළා දැක තිබේ. මේ අතර පන්ජාබ් මහ ඇමැති සර්දාර් උස්මාන් සඳහන් කළේ මෙම මිලේච්ඡ ඝාතනය සිදු කළ සාහසිකයන්ට නිසි දඬුවම් දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43