මෙම ඝාතනය මෙහෙය වූ අපරාධකරුවන් දෙදෙනා මොහමඞ් තල්හා සහ පර්හාන් ඉද්රිස් බව තහවුරු වූයේ යැයි පන්ජාබ් පොලිසිය කියයි. රාජ්කොට් කම්හල වසා දමා ඇති අතර එහි සේවකයන් රැකියාවලට වාර්තා නොකර පැන ගොස් ඇත. පකිස්තාන් ජියෝ රූපවාහිනිය පැවසූවේ සනීපාරක්‍ෂක සේවකයන් පවා සිය සේවය ඉටු නොකිරීම ගැන මියගිය ප‍්‍රියන්ත කුමාර විසින් දැඩි ලෙස අවවාද කර තිබූ බවයි.
කම්හලේ බිත්තිවල ආගමික පෝස්ටර් අලවා තිබුණා. මේ පෝස්ටර් ඉරා දැමීම ගැන ප‍්‍රියන්ත කුමාර කම්කරුවන්ගෙන් සමාව අයැද සිටියා. එහෙත් වැඩ අධීක්‍ෂක ඔහුට එරෙහිව කම්කරුවන් උසිගන්වනු ලැබූවා යැයි ජියෝටීවී රූපවාහිනිය වැඩි දුරටත් හෙළි කළේය. එසේම ඝාතනය සිදු කිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධවූවන් ඝාතනය සිදු කරන අයුරු මෙන්ම ප‍්‍රියන්තගේ සිරුර අසල සිට සෙල්පි ඡායාරූප ද ගෙන තිබේ. මේ අතර කටාරයේ සිට ක‍්‍රියාත්මකවන අල් ජසිරා රූපවාහිනිය ප‍්‍රියන්ත කුමාර ඝාතනය වීමට පෙර ඉස්ලාම් දහමට අවමන්වන ලෙස ප‍්‍රකාශ කර ඇති බවට ප‍්‍රචාරයක් දියත් කරනු ලැබීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන 260ක් තෙහෙරික් ලබ්බික් සංවිධානයට සම්බන්ධ බව හෙළිවී ඇත. මෙම සංවිධානය මෙයට පෙර පොලිස් භටයන් 9ක් මරා දමා ඇතැයි පාකිස්තාන් මාධ්‍ය කියා සිටී. තහනම් කර තිබූ මෙම සංවිධානය නොවැම්බර් 7 දා රජය විසින් තහනම ඉවත් කර තිබේ. එම තහනම ඉවත් කිරීමේ කොන්දේසි පාකිස්තාන් රජය හෙළි කර නැත.
රාජ්කෝට් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය ගැන තෙහෙරික් ලබ්බික් සංවිධානයේ නායක සාද් හුසේන් මේ දක්වාම ප‍්‍රකාශයක් කර නැත. මොහුව සිර භාරයෙන් නිදහස් කිරීමත් සමගම සෙනෙට් සභික අස්මද් චව්ද්රි ඔහුට මල් කළබක් පිළිගැන්වීම ගැන ප‍්‍රවෘත්ති ඇමැති ශමාල් චව්ද්රි හෙළා දැක තිබේ. මේ අතර පන්ජාබ් මහ ඇමැති සර්දාර් උස්මාන් සඳහන් කළේ මෙම මිලේච්ඡ ඝාතනය සිදු කළ සාහසිකයන්ට නිසි දඬුවම් දෙන බවයි.














ඉස්ලාම් ආගම් තියෙන රට වලදී අනිකුත් ආගම් වල අය එම රටවල නීති රීති දෙන ගත යුතුය. අනික් කරුන අනුන්ගෙ ආගම් වලට නිග්‍රහ කිරීම නතර කිරීමය. එක් වරක් ලංකාවට පැමිනි එංගලන්තයෙ කාන්තාවකගෙ අතෙ බුදු රුවක් පච්ච කොටා තිබීම නිසා එම කාන්තාවට පොලීසි ගානෙ රිමාන්ඩ් බාරයෙ ලංකාවෙදි සිටීමට සහ බොහො කරදර වලට මූන පෑමට සිදුව තිබුනා; එම කාන්තාව බෞදාගමට ලැදි කමට කල දෙය අපෙ උන් වැරදි අර්ථ කතකනයක් කලා; එ වාගෙම මෙ පකිස් බූරුවා ප්‍රියන්ත පකිස්තානයෙ දී එම ආගමට නිගරු වන ලෙස එම රූප හෝ ලියවිලි ඉරා දෙමීම කිසිසෙත් පිලිගන්න බෙහෙ , එය නරක ක්‍රියාවක් ; එයට ඔහු ලෙබිය යුතු දන්ඩුවම් ලබා ගත්තා; දෙන් වත් අපෙ උන්ට අනුන්ගෙ ආගම් වලට නිගරු කිරීමත් ; බෞදා ගම පමනක් හරිය කියා අනුන්ට දොස් පවර ත්‍රස්තයන් කීමත් නතර කල යුතුමය ; අද ලකාවෙ බෞදායන් තම අම්මා තාත්තා මරන කාලයක් කුඩු වලට ඇබ්බහිවි සමාජයම නැති කරන . ගෙහෙනුන් මුදලට විකිනෙන කාලයක් ; අපි එය තෙරුම් ගෙන ජීවත් වන්නෙ නම් මෙවන් දෙවල් සිදු නොවෙ
එයා ආගමික poster ඉරා දැමීම බොරුවක්..එයා කියල තියෙන්නෙ බිත්තියක් පිරිසිදු කරන්න කියල.තරහ කාරයින් උසි ගැන්වීමක් කරල තියෙන්නෙ
බොහොමයක් මුස්ලිම් රටවල් වල අනික් ආගම අදහන්නේ ඉතාමත් බයේ. පකිස්ථානයේ අන්‍ය ආගමිකයින් ඉන්නේ ඉතාමත් බයෙන්.නිරතුරු වම ඔවුන් පහර කෑම ට ලක් වෙනවා.මීට කලින් බංගලාදේශද ඔහොම සිද්ධි වුණා. නීතිය අතට ගෙන කටයුතු කරන්න බෑ. ඔහු මැනේජර් කෙනෙක් ලෙස යන්ත්‍ර වල අලවල තිබුණු පෝස්ටර්යක් ගැලවීමක් කරන්න කියලා.ඔහු කලේ තමාගේ රාජකාරිය පමණයි. ඔහුගේ වරදක් තිබුනා නම් එය ඔහුගේ supervisor ට වාර්තා කර ඔහුගේ වැරැද්ද සඳහා දඬුවම් ඉල්ලන්න තිබුනා නේ. ලේ පිපාසයෙන් ආගමික මතවාදය කරේ තියන් ඔය වගේ වැඩ කරනවානම් ආගම කින් ඇති වැඩේ මොකක්ද?
NAMUTH yatharthaya eyai.. wawulage 🦇 magul gedara giyaama inna OONI wawulek wagee… aawe hamba karagena nawatha yanna… DEERGA KAALAYAK hitiyane Pakistan wala.. ithin thamun dannawa thathwaya. “taking confidence on yourself too much” “kiyanne OOKATA thamaa..
APEE aya giya thana loku kama.. mokatada awurudu 11k ehe.. thamunge pawula ekka Wath daruwo ekka Wath jeewithe unee naha…
මේකට පිස්සු. අපේ රටේ කොයිතරං ආගමික නිදහසක් තියෙනවද? අපේ පන්සල්වලට පිලිමවලට හානි කරන හැටි මේකට පේන්නේ නැද්ද? ඒ සුලුතරය වෙලා ඉදගෙන. අපි කවදාකවත් මුන්ගේ පල්ලිවලට ගලක් ගැහුවද??
බුදු දහමට හෝ කතෝලික දහමට නිගරු කළා කියා කොහෙවත් මිනිස්සු මරන්නේ නැත වැඩිම වුනොත් සිදුවන්නේ රළු වූ වාචික ප්‍රතිප්‍රහාරයක් පමණි , දෙවියන්ගේ නමින් මිනිසුන් මරන්නෙ ඔය ආගමේම පමණයි ,ආගම වැරදියට ඇදහුවත් බුදුන්ට හෝ ජේසුට බැන්නා කියා මෙවැනි මිලේච්ඡ ඝාතන ඒ ආගම් අදහන කිසිම මිනිසකු නොකරන බව නම් කිව යුතුමය ,එම දහම ලංකාවේ මිලේච්ඡ නොවුනත් රටවල් කීපයකම ඔවුන් ඉතා මිලේච්ඡ ලෙස දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මරණ එක ලෝකයට රහසක් නම් නොවේ …..
ලක්ෂ්මන් ඔබ හරි.දෙවියන්ගෙ නාමෙන් මිනිසුන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන අන්තවාදීන් සිටින- ආගමික අන්තවාදීන් ඇති මේ මිනිස් කොට්ථාශය මේ පෘථිවි තලයෙන් තුරන් වෙන්න ඔනි..